නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව පාසල් කාලසටහන් සකස් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙම ප්‍රතිසංස්කරණ යටතේ නව විෂයමාලා අදියරයෙන් අදියර ශ්‍රේණි වෙත හඳුන්වා දීමට නියමිත අතර සාමාන්‍ය පෙළ සඳහා 2030 දී ද, උසස් පෙළ සඳහා 2033 දී ද ඒවා ඇතුළත් වේ.නව සංශෝධනවලට අනුව ලබන වසරේ සිට 1 සහ 2 ශ්‍රේණි සඳහා පාසල් වේලාව උදෑසන 7.30 සිට දහවල් 11.45 දක්වා පැවැත්වෙනු ඇත.එසේම 3 සහ 4 ශ්‍රේණි සඳහා උදෑසන 7.30 සිට දහවල් 1.00 දක්වාද, 5 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වාද පාසල් පැවැත්වීමට තීරණය කර ඇත.


























