ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව පරීක්ෂා කිරීමේදී රුපියල් බිලියන 3ක් වටිනා හෙරොයින් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.අද උදෑසන දික්ඕවිට ධීවර වරායේදී මෙම යාත්‍රාව නිරීක්ෂණය කළ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සඳහන් කළේ එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 100කට වැඩි ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවයි.ලද තොරතුරකට අනුව ඊයේ (04) සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මෙම මෙරට ලියාපදිංචි යාත්‍රාව, මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් වැඩිදුර නීතිමය කටයුතු සඳහා යොමු කර තිබේ.



























