අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නැගෙනහිර පළාතේ පාසල් වෙත බෙදා හැරීම සඳහා නිකුත් කළ රුපියල් ලක්ෂ අටකට අධික වටිනාකමකින් යුත් පළමු ශ්‍රේණියේ දෙමළ මාධ්‍ය පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් අස්ථානගත වී තිබේ. මැයි මස 24 වැනි දින ප්‍රවාහනයට භාර දී තිබූ මෙම පොත් තොගය සම්බන්ධයෙන් සිදු කරන පුළුල් පරීක්ෂණ සඳහා විශේෂ දෙපාර්තමේන්තු පරීක්ෂණ කමිටුවක් පත් කර ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශ කරයි.පොලිස් විමර්ශනවලදී අනාවරී වී ඇත්තේ, ප්‍රවාහනයට භාර දුන් පළමු සැකකරු විසින් මෙම පොත් අලව්ව ප්‍රදේශයේ ස්ථානයකට අලෙවි කර ඇති බවයි. පසුව එහි හිමිකරු විසින් එම පොත් තොගය නාරම්මල ප්‍රදේශයේ මධ්‍යස්ථානයකට විකුණා ඇති අතර, එතැන් සිට ඒවා වත්තල ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.මෙම සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා මේ වන විට ලබන 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පොලිස් විමර්ශන මෙන්ම අදාළ අංශවලින් දෙපාර්තමේන්තු මට්ටමින් ද මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.



























