පාසල් පෙළපොත් සඳහා පනවා ඇති වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කර අධ්‍යාපන ක්ෂේත්රයට අවශ්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජාතික ජන බලවේග රජයේ වසර දෙකක සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළ අතර, ඒ සඳහා වන නිශ්චිත ක්‍රියාමාර්ග ඉදිරි අයවැය හරහා ප්‍රකාශයට පත් කරන බවද කියා සිටියේය.මීට අමතරව, සාම්ප්‍රදායික වී වගාවට අමතරව කුඹුරුවල සිදුකෙරෙන අතුරු බෝග වගා සඳහාද රුපියල් තිස්දහසක පොහොර සහනාධාරය ලබාදීමට රජය තීරණය කර ඇත. ප්‍රදේශයට ඇදහැලුණු අධික වැසි නොතකා විශාල ජනකායක් සහභාගී වූ මෙම ජන රැලියේදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ, ගොවි ජනතාවගෙන් වී මිලදී ගැනීම සඳහා ඉතිහාසයේ වැඩිම ප්‍රතිපාදන වෙන්කර ඇත්තේ වත්මන් ආණ්ඩුව විසින් බවයි.



























