පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය තුළ රුපියල් කෝටි 21කට ආසන්න මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය වී තිබේ. මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ පෞද්ගලික මුද්‍රණ ආයතනයේ අධ්යක්ෂවරුන් මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇති බව ද මෙහිදී හෙළි විය. මෙම සිදුවීමට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව දැනටමත් විනය පියවර ගෙන ඇති බව නිලධාරීහු කමිටුවට දැනුම් දුන්හ.මීට අමතරව, 2006 වර්ෂයේදී නියමිත කාලය තුළ පෙළපොත් සැපයීමට අපොහොසත් වූ මුද්‍රණ ආයතනයකින් අය කරගත යුතුව තිබූ වන්දි මුදල් ලබාගැනීමට අදාළ නීතිමය ක්‍රියාමාර්ග වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වීම පිළිබඳව ද කෝපා කමිටුවේ දැඩි දෝෂදර්ශනයට ලක්විය. නිසි කළමනාකාරිත්වයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.එසේම, අධ්‍යාපන බලධාරීන් විසින් වාර්ෂික පෙළපොත් අවශ්‍යතාව නිවැරදිව තක්සේරු නොකිරීම හේතුවෙන් විශාල පොත් තොගයක් අතිරික්ත ලෙස ඉතිරි වී ඇති බව ද අනාවරණය විය. මෙලෙස අනවශ්‍ය ලෙස මුද්‍රණය කළ පොත් ගබඩා කිරීමට සිදුවීම සහ ඒවා ප්‍රවාහනය සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදුවීම හරහා සිදුව ඇති විශාල න්යාසික අපතේ යාම පිළිබඳව ද කමිටුව බලධාරීන්ගේ අවධානයට යොමු කළේය.



























