රට තුළ පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. වත්මන් වසංගත අවදානම සැලකිල්ලට ගනිමින්, මර්දන කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග කිහිපයක් මෙහිදී විපක්ෂ නායකවරයා විසින් යෝජනා කර ඇත.එහිදී ක්ෂේත්‍රයේ පවතින නිලධාරී හිඟය මර්දන කටයුතුවලට ප්‍රධාන බාධාවක් බව පෙන්වා දුන් ඒ මහතා, දැනට පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගත යුතු බව අවධාරණය කළේය. එමෙන්ම කීට විද්‍යා නිලධාරීන්ගේ සේවය වඩාත් කාර්යක්ෂම කර ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.මීට අමතරව, ඩෙංගු මර්දන රාජකාරිවල නිරත වන නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ඔවුන්ට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සලසා දීම අත්‍යවශ්‍ය බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. මෙම ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික සහාය ලබා ගැනීමට මැදිහත් විය යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



























