පෙරපාසල් අධ්‍යාපනය වෙනුවෙන් නව ජාතික ප්‍රතිපත්තියක්

පෙරපාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය නියාමනය කරමින් ඒ සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කරයි. අමාත්‍යවරිය මේ බව කියා සිටියේ අකුරැස්ස, මාලිම්බඩ, දෙනිපිටිය සහ අතුරලිය යන කොට්ඨාශවල පෙරපාසල් සඳහා නිල වශයෙන් ලියාපදිංචි සහතික පිරිනැමීමේ උත්සවයකට සහභාගී වෙමිනි.​මෙම වැඩසටහනට සමගාමීව, ලියාපදිංචි කරන ලද සෑම පෙරපාසලක් වෙනුවෙන්ම රුපියල් 6000ක සුවිශේෂී දීමනාවක් ලබාදීමට ද කටයුතු කෙරිණි. ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙන්ම ගුරුවරුන් දිරිමත් කිරීම මෙම පියවරයන්හි මූලික අරමුණ වී තිබේ.​මීට අමතරව පෙරපාසල් ගුරුවරියන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතින බව ද අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.

What's your reaction?

Related Posts

1 of 1,162

Leave A Reply

Your email address will not be published. Required fields are marked *