පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වරුණ ජයසුන්දර මහතා පත් කෙරේ

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වරුණ ජයසුන්දර මහතා පත් කර තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති මෙම නව පත්වීමට පෙර ඒ මහතා නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සිය රාජකාරී කටයුතු මෙහෙයවනු ලැබීය.​මෙම නව ස්ථාන මාරුවීම සහ පත් කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා විසින් නිල වශයෙන් මාධ්‍ය වෙත තහවුරු කර ඇත. ඒ අනුව ඒ මහතා ඉදිරියේදී සිය නව ධුරයේ රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,240

Leave A Reply

Your email address will not be published. Required fields are marked *