පොලිස්පති මහජන සහන දින වැඩසටහන් තාවකාලිකව නවතී

උදාවූ අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් පොලිස් නිලධාරීන්ගේ ගැටලු සහ මහජන අභියාචනා විමසා බැලීම වෙනුවෙන් වෙන් කර තිබූ “පොලිස්පති දිනය” ඇතුළු විශේෂ සහන වැඩසටහන් කිහිපයක් අත්හිටුවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත. නිලධාරීන් උත්සව සමයේ රාජකාරි කටයුතු සඳහා යොමු කර තිබීම මීට ප්‍රධාන හේතුව වී තිබේ.​ඒ අනුව, පොලිස් නිලධාරීන්ගේ පරිපාලනමය ගැටලු සහ අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා හෙට (අප්‍රේල් 16) පැවැත්වීමට නියමිතව තිබූ පොලිස්පති දිනය නොපැවැත්වෙන බව පොලිසිය නිල වශයෙන් දැනුම් දෙයි. මෙම වැඩසටහන හරහා සාමාන්‍යයෙන් පොලිස් සේවයේ නියුතු සාමාජිකයන්ගේ වෘත්තීය ගැටලු සඳහා විසඳුම් ලබා දීම සිදු කෙරේ.​මීට අමතරව, අනිද්දා එනම් අප්‍රේල් 17 වන දින මහජනතාව සඳහා වෙන් කර තිබූ “පොලිස්පති මහජන සහන දිනය” ද අවලංගු කර ඇත. මේ හේතුවෙන් එදිනට පොලිස් මූලස්ථානය වෙත පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, මෙම වැඩසටහන් යළි ක්‍රියාත්මක වන දිනයන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,097

Leave A Reply

Your email address will not be published. Required fields are marked *