මීගොඩ ඕවිටිගම ප්රදේශයේ සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී 50 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මීගොඩ පොලීසිය පවසයි.කුඩා වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය මියගිය තැනැත්තා සහ සැකකරු අතර පැරණි ආරවුලක් පැවත ඇති අතර, සැකකරු වෙළෙඳසැල ඉදිරිපිටදී බැණ වැදීම හේතුවෙන් මෙම ගැටුම හටගෙන තිබේ.බරපතල තුවාල ලැබූ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමට යන අතරතුර මියගොස් ඇති අතර, ප්රදේශයෙන් පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ පවත්වයි.


























