පෞද්ගලික ආරවුලක් ඝාතනයකින් කෙළවර වෙයි

මීගොඩ ඕවිටිගම ප්‍රදේශයේ සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී 50 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මීගොඩ පොලීසිය පවසයි.​කුඩා වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය මියගිය තැනැත්තා සහ සැකකරු අතර පැරණි ආරවුලක් පැවත ඇති අතර, සැකකරු වෙළෙඳසැල ඉදිරිපිටදී බැණ වැදීම හේතුවෙන් මෙම ගැටුම හටගෙන තිබේ.​බරපතල තුවාල ලැබූ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමට යන අතරතුර මියගොස් ඇති අතර, ප්‍රදේශයෙන් පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 1,407

Leave A Reply

Your email address will not be published. Required fields are marked *