බදු පැහැර හරින්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

හිතාමතාම සිය ආදායම් බදු වගකීම් පැහැර හරින පුද්ගලයින් සහ ආයතන ඉලක්ක කරගනිමින් අපරාධමය නඩු පැවරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 2026 අංක 11 දරණ දේශීය ආදායම් සංශෝධන පනතින් ලැබී ඇති බලතල අනුව, බදු ගෙවීම පැහැර හරින පාර්ශවයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට දෙපාර්තමේන්තුව සූදානම් වේ.​බදු ලියාපදිංචිය මගහැරීම, ආදායම් බදු වාර්තා නිසි කලට ගොනු නොකිරීම හෝ රඳවා ගැනීමේ බදු ප්‍රකාශන ඉදිරිපත් නොකිරීම වැනි කරුණු පදනම් කරගනිමින් මෙම නඩු පැවරීම් සිදු කෙරේ. කෙසේ වෙතත්, මෙය අවසන් ක්‍රියාමාර්ගය ලෙස සලකනු ලබන අතර, නීතිමය පියවර ගැනීමට පෙර අදාළ පාර්ශවයන්ට සිය බදු බැඳීම් සපුරාලීම සඳහා දින 30ක විශේෂ සහන කාලයක් ලබා දීමට නියමිතය. මෙම කාලසීමාව තුළත් අදාළ ගැටළු නිරාකරණය කර නොගන්නේ නම්, මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබේ.​මෙම නීතිමය ක්‍රියාවලියේදී වරදකරු වන පුද්ගලයින් සඳහා රුපියල් ලක්ෂ 4කට නොවැඩි දඩයක් හෝ මාස 6කට නොවැඩි සිරදඬුවමක්, නැතහොත් එම දඬුවම් දෙකම ලබා දීමට අධිකරණයට බලය ඇත. සහයෝගයෙන් කටයුතු කරන බදු ගෙවන්නන්ට මෙයින් බලපෑමක් නොවන බවත්, හිතාමතා බදු වංචා කරන පිරිස් පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,245

Leave A Reply

Your email address will not be published. Required fields are marked *