බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ මැඩිතලේ ප්‍රදේශයේදී අද (12) සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. බදුල්ලේ සිට මහියංගනය දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක තිරිංග අක්‍රීය වීම මෙම අනතුරට මුල් වී ඇත.පාලනය කරගත නොහැකි වූ ලොරි රථය මාර්ගය අසල නවතා තිබූ ත්‍රිරෝද රථයකද ගැටී, ඒ අසල පිහිටි නිවසක් මතට පෙරළී ගොස් ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ නිවසේ පියෙකු සහ ඔහුගේ පුතා සිට ඇති අතර, ලොරියේ රියදුරු සහ රිය සහායකවරයාද සමඟ ඔවුන් සිව්දෙනාටම බරපතළ තුවාල සිදුව තිබේ.ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව තුවාලකරුවන් වහාම රෝහලට යැවීමට පියවර ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.


























