බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලට අද (24) උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල සාමාන්‍ය පරිදි වියළි කාලගුණ තත්ත්වයක් අඛණ්ඩව පවතිනු ඇත.මේ අතර, උතුරු හා උතුරු-මැද පළාත්වල මෙන්ම හම්බන්තොට සහ පුත්තලම දිස්ත්‍රික්කවල විටින් විට තරමක තද සුළං ඇති වීමේ හැකියාවක්ද පවතී. එම ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර අගයක් ගත හැකි බව කාලගුණ අංශ වැඩිදුරටත් සඳහන් කරයි.























