බැසිල් රාජපක්ෂ අසනීපයෙන් , සුව වූ වහාම අධිකරණයට

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල යම් රෝගාතුර තත්ත්වයකින් පසුවන බවත්, එය සම්පූර්ණයෙන් සුව වූ වහාම ඔහු තමන්ට අදාළ නඩු කටයුතු සඳහා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. සිය සෞඛ්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත් වූ පසු නීතිමය ක්‍රියාවලියට මුහුණ දීමට පමණක් නොව, තම පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා ද ඔහු සක්‍රීයව සහාය ලබා දීමට සූදානමින් සිටින බව මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,193

Leave A Reply

Your email address will not be published. Required fields are marked *