බෙල්ලන්විල ප්‍රදේශයේදී අවන්හල් හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු යතුරුපැදියකින් පලා යමින් සිටියදී නවගමුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.පසුගියදා (25) පස්වරුවේ අදාළ අවන්හල ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, එම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ 55 හැවිරිදි ව්‍යාපාරිකයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.























