මධ්‍යම පළාත තුළ අර්තාපල් වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ යටතේ පළාතේ අර්තාපල් වගාවේ නිරත ගොවීන් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ මස 26 සහ 27 යන දෙදින තුළ සිදු කිරීමට නියමිතය.ගොවීන්ගේ තොරතුරු නිවැරදිව රැස්කර ගනිමින් ඔවුන් සමඟ ඒකාබද්ධව තිරසාර අර්තාපල් වගාවක් පවත්වාගෙන යාම මෙම ලියාපදිංචි කිරීමේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී ඇත.



























