මධ්‍යම පළාතේ පාසල් දරුවන් 1,193කට නොමිලේ ඇස් කණ්ණාඩි

දිට්වා ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් මධ්‍යම පළාතේ ඇස් කණ්ණාඩි අවශ්‍යතා සහිත පාසල් දරුවන් 1,193 දෙනෙකු වෙනුවෙන් නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල මගින් නොවැම්බර් 28 සහ 29 යන දෙදින තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය. මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පාසල් 135ක සිසුන් සඳහා මෙම ප්‍රදානයන් සිදු කෙරේ.​මේ යටතේ නොවැම්බර් 28 වැනිදා මහනුවර, තෙල්දෙණිය, වත්තේගම සහ කටුගස්තොට කලාපවල සිසුන්ට වත්තේගම සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේදී ද, ගම්පොළ සහ දෙනුවර කලාපවල සිසුන්ට ජිනරාජ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේදී ද ඇස් කණ්ණාඩි ලබා දෙනු ඇත. එදිනම මාතලේ දිස්ත්‍රික්කයේ සිසුන් සඳහා මාතලේ විජය ජාතික පාසලේදී මෙම වැඩසටහන පැවැත්වේ.​නොවැම්බර් 29 වැනිදා නුවරඑළිය, වලපනේ, හඟුරන්කෙත සහ හැටන් අධ්‍යාපන කලාපවල දරුවන් වෙනුවෙන් හැටන් හයිලන්ඩ්ස් විද්‍යාලය ඇතුළු ස්ථානවලදී ඇස් කණ්ණාඩි බෙදා දීමට නියමිතය. ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ පාසල්, විශ්වවිද්‍යාල සහ කාර්මික විද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා එක්සත් රාජධානියේ Stroud Rotary Club සහ Wish පදනම අනුග්‍රාහකත්වය සපයයි.

What's your reaction?

Related Posts

1 of 1,436

Leave A Reply

Your email address will not be published. Required fields are marked *