මවගෙන් දරුවාට HIV සහ උපදංශ සම්ප්‍රේෂණය වීම වැළැක්වීමේ සාර්ථකත්වය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඇගයීමක්

මවගෙන් දරුවාට HIV සහ උපදංශ (Syphilis) වෛරස් සම්ප්‍රේෂණය වීම මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් නොවන මට්ටමට සාර්ථකව පාලනය කර, එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාවට සුවිශේෂී ජාත්‍යන්තර ඇගයීමක් පිරිනමා තිබේ. ගෝලීය සෞඛ්‍ය ප්‍රමිතීන්ට සහ උපදේශන කමිටු නිර්දේශයන්ට අනුකූලව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය අත්කරගත් මෙම කැපී පෙනෙන ජයග්‍රහණය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම ඇගයීමට ලක්ව ඇත.​මෙම නිල ඇගයීම් සහතික පත්‍රය පිරිනැමීම සිදුකෙරුණේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව අතරතුරදීය. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අද්භානම් ගෙබ්‍රෙයෙසස් මහතා විසින් අදාළ නිල සහතිකය ලාංකීය සෞඛ්‍ය නියෝජිත කණ්ඩායම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.​ගර්භණී මව්වරුන් සහ බිළිඳුන් උදෙසා මෙරට ක්‍රියාත්මක වන ප්‍රවේශමෙන් සැලසුම් කළ සෞඛ්‍ය වැඩසටහන්වල සහ සායනික සේවාවන්හි සාර්ථකත්වය මෙමඟින් මැනවින් පිළිබිඹු වේ. මෙම ජාත්‍යන්තර කීර්ති නාමයත් සමඟ ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ නීරෝගී පරපුරක් බිහිකිරීම උදෙසා දක්වන දායකත්වය ලෝක මට්ටමින් නැවත වරක් තහවුරු වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,149

Leave A Reply

Your email address will not be published. Required fields are marked *