මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ සමාප්ති උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ. දවල් පෙරහර නිම වී ගෙවැදීමෙන් අනතුරුව, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාල හා පිටිසර දේවාලවල බස්නායක නිලමේවරුන් පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණීමට නියමිතය.එහිදී, මෙවර ඇසළ පෙරහර චාරිත්‍රානුකූලව සහ සාර්ථකව පවත්වා අවසන් කළ බව සනිටුහන් කරමින්, ඓතිහාසික පෙරහර සංදේශය ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් පිළිගැන්වීම සිදුවනු ඇත. එම අවස්ථාවෙන් පසු, පෙරහර සාර්ථක කර ගැනීමට දායක වූ රාජ්‍ය නිලධාරීන් සහ නිලමේවරුන් සමඟ ජනාධිපතිවරයා සමූහ ඡායාරූපයකට පෙනී සිටීමට ද කටයුතු යොදා තිබේ.අනතුරුව, ශ්‍රී දළදා මාලිගාව මෙන්ම නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සතර මහා දේවාල නියෝජනය කරමින් පෙරහර වර්ණවත් කළ විශිෂ්ට කලා ශිල්පීන් ඇගයීම සිදු කෙරේ. එහිදී දක්ෂතා දැක්වූ ශිල්පීන් වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් මුදල් ත්‍යාග සහතිකපත් ප්‍රදානය කිරීම ද නියමිතය.



























