මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය ලෙස සුබ නැකතට කප් සිටුවයි

ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ මූලික චාරිත්‍රය වන කප් සිටුවීම අද (13) උදෑසන 6.17ට යෙදුණු සුබ මොහොතින් සාර්ථකව සිදු කරන ලදී. ඒ අනුව, සිව් මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර මංගල්‍යයන් අගෝස්තු 17 වැනි දින දක්වා දින පහක කාලයක් පුරා පැවැත්වීමට නියමිතව ඇත.​පළමු කුඹල් පෙරහැර අගෝස්තු 18 වැනි දින වීථි සංචාරය ආරම්භ වන අතර, එම පෙරහැර මාලාව අගෝස්තු 22 වැනි දින දක්වා ක්‍රියාත්මක වේ. අනතුරුව, පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 23 දින ආරම්භ වන අතර, මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීම අගෝස්තු 27 වැනි දිනට යෙදී තිබේ.​පෙරහැර මංගල්‍යය අවසන් කරමින් අගෝස්තු 28 වැනි දින උදෑසන දිය කැපීමේ පෙරහැර සහ දහවල් පෙරහැර පැවැත්වේ. එදින පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී දියවඩන නිලමේවරයා විසින් පෙරහැර සාර්ථකව නිම කළ බව දැක්වෙන සංදේශය ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් පිළිගැන්වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,314

Leave A Reply

Your email address will not be published. Required fields are marked *