ගෝලීය වශයෙන් පවතින භූ-දේශපාලනික නොසන්සුන්තා මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සාධනීය වර්ධනයක් පෙන්නුම් කරමින් පවතී. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 වසරේ මැයි මාසය තුළදී පමණක් සංචාරකයින් 145,745 දෙනෙකු දිවයිනට පැමිණ ඇත. මෙය 132,919ක් වූ 2025 වසරේ මැයි මාසයේ සංචාරක පැමිණීමට සාපේක්ෂව කැපී පෙනෙන ඉහළ යාමකි.පසුගිය මැයි මාසයේදී මෙරටට පැමිණි සමස්ත සංචාරකයින්ගෙන් සියයට 41ක ප්‍රතිශතයක්ම වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. ඒ අනුව ඉන්දීය සංචාරකයින් 60,342 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින සෙසු රටවල් වන්නේ එක්සත් රාජධානිය (9,248), චීනය (9,156) සහ ජර්මනියයි (6,734).මෙම ප්‍රවණතාවත් සමඟ 2026 වසරේ මුල් මාස පහ ඇතුළත මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,022,022ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මිලියනය ඉක්මවා යාම විශේෂත්වයකි. මෙම කාලසීමාව තුළ ද වැඩිම පිරිසක් ඉන්දියාවෙන් (250,260) පැමිණ ඇති අතර, එක්සත් රාජධානිය (98,093) සහ රුසියාව (76,073) පිළිවෙළින් දෙවන සහ තුන්වන ස්ථාන ලබා ගනිමින් ශ්‍රී ලංකාව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකය හමුවේ තහවුරු කර ඇත.



























