ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු දිවුලපිටිය, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියෙහි පසුවන්නෙකි.ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට පැමිණීමට උත්සාහ කළ අවස්ථාවේදී සිදුකළ පරීක්ෂාවකදී, ඔහු සතුව තිබූ ගමන් මලු දෙකක සඟවා තිබූ මෙම දුම්වැටි තොගය සොයාගැනීමට නිලධාරීන් සමත් වී ඇත.අත්අඩංගුවට පත් සැකකරු මේ වන විට පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, ලබන 19 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



























