අද (06) උදෑසන මීගමුව බන්ධනාගාර පරිශ්‍රය තුළ හදිසියේ හටගත් ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව, එහි වත්මන් තත්ත්වය සහ ආරක්ෂක විධිවිධාන පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මීට සුළු වේලාවකට පෙර එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.මෙම නොසන්සුන්කාරී වාතාවරණය ඇති වීමට බලපෑ මූලික හේතු සාධක සහ ඉන්පසුව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහිදී බන්ධනාගාර බලධාරීන් සහ උසස් නිලධාරීන් හමුවී සෘජුවම කරුණු විමසීමට නියමිතව තිබේ.

























