දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක්

දැනට පවතින කාලගුණ තත්ත්වයට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෙසේ වෙතත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාවක් පවතී.​මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් හමන තද සුළං තත්ත්වයක් බලාපොරොත්තු විය හැක. එම ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් වේ.

What's your reaction?

Related Posts

1 of 1,224

Leave A Reply

Your email address will not be published. Required fields are marked *