මුන්නේශ්වරම් කෝවිල් විශේෂ ආශිර්වාද පූජාවට අගමැතිනිය එක්වෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත පිහිටි ඓතිහාසික මුන්නේශ්වරම් ශිව කෝවිලේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව පැවති විශේෂ ආශිර්වාද පූජාවක් සඳහා අද (23) දින එක්වී තිබේ.​නිකිණි මාසය මුල් කරගනිමින් සති හතරක් පුරා උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන මෙම වාර්ෂික උත්සව සමය තුළ කප් සිටුවීම, දෛනික පූජා මෙන්ම අතිශය ප්‍රසිද්ධ ගිනි පෑගීමේ මංගල්‍යය ඇතුළු පුරාණ චාරිත්‍ර රැසක් ක්‍රියාත්මක වන අතර, මේ සඳහා දිවයිනේ නන් දෙසින් විවිධ ආගම්වලට අයත් බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වෙති.​කෝවිල් පරිශ්‍රය වෙත ගිය අග්‍රාමාත්‍යවරිය ශිව දෙවිඳුන් උදෙසා සිදුකළ විශේෂ පූජාවට ද එක්වූ අතර, එහිදී පූජක මණ්ඩලය විසින් ඇය වෙත සෙත් පතා ආශිර්වාද කළ අතර මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,331

Leave A Reply

Your email address will not be published. Required fields are marked *