බටහිර-මධ්‍යම සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මුරාසු” (Murasu) සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්ව ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින්, අද මධ්‍යම රාත්‍රියත් හෙට අලුයම කාලයත් අතර කාලය තුළ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.පද්ධතිය සක්‍රියව පවතින මුහුදු තීරයන්හි පැයට කිලෝමීටර 70-80 ත් අතර තද සුළං මෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බැවින් එම ප්‍රදේශයන්හි මුහුද ඉතා රළු විය හැක. මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10°-17° සහ නැගෙනහිර දේශාංශ 80°-90° අතර ප්‍රදේශවල මෙන්ම, මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු මුහුදු තීරයේ නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස බලධාරීන් දැනුම් දෙයි. දැනට එම මුහුදු ප්‍රදේශවල පසුවන පිරිස් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කළ යුතු අතර, ඉදිරි කාලගුණ අනාවැකි පිළිබඳව විමසිලිමත් වන ලෙස ද උපදෙස් දී ඇත.



























