හිරුණිකාගේ වීදි නාට්‍ය නඩුව ජනවාරි 25 වනදාට කල් යයි

කුරුඳුවත්ත පොලිස් බලප්‍රදේශයේ මහජන මාර්ග අවහිර කරමින් වීදි නාට්‍යයක් පැවැත්වීමේ සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාරියන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජනවාරි මස 25 වන දා නැවත කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.​අද දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, සිද්ධියට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව, ඉදිරි දිනයේදී එම උපදෙස් සම්බන්ධයෙන් සිදුව ඇති ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 1,403

Leave A Reply

Your email address will not be published. Required fields are marked *