මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දී තිබෙන ගැටලු සඳහා කඩිනම් සහ ස්ථිර විසඳුම් ලබා දෙන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කර තිබේ. දිස්ත්‍රික්කයේ නීති විරෝධී ධීවර ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සඳහා නීතිමය බලතල දැඩිව ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කළේය.දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මුලතිව් දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණ ගෙන ඇත. කුඩා ඇස් සහිත දැල් භාවිතය, පර්ස්සේන් ක්‍රමයට මසුන් ඇල්ලීම, ඩයිනමයිට් යොදාගැනීම සහ කලපු තුළ යන්ත්‍රෝපකරණ සහිත බෝට්ටු ධාවනය කිරීම වැනි නීති විරෝධී ක්‍රියා හේතුවෙන් ධීවරයෝ එහිදී දැඩි අප්‍රසාදය පළ කළහ.මෙම ගැටලුවලට පිළියම් ලෙස, ධීවර දෙපාර්තමේන්තුවේ පවතින කාර්ය මණ්ඩල හිඟය මඟහරවා ගැනීමට නව නිලධාරීන් 8 දෙනෙකු කඩිනමින් සේවයට අනුයුක්ත කරන බව අමාත්‍යවරයා පැවසීය. මුලතිව්හි ලියාපදිංචි ධීවරයන් 4,542 දෙනාගේ ජීවනෝපාය ආරක්ෂා කරමින්, 2025 වසරේ වාර්තා වූ මෙට්‍රික් ටොන් 8,220.49ක මත්ස්‍ය නිෂ්පාදනය තිරසාර ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



























