මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය ඇරඹේ

මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය වෙනුවෙන් වෙන් කළ ජාතික සතිය අද (14) සිට ජූලි 20 වැනිදා දක්වා රට පුරා ක්‍රියාත්මක වේ. මෙවර මෙම වැඩසටහන “විකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සතුටු පවුල” යන තේමාව යටතේ පැවැත්වෙන අතර, දරු පරපුරේ ශාරීරික, මානසික සහ බුද්ධිමය වර්ධනය ඉලක්ක කර ගනිමින් විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.​කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් මෙම සතිය පුරා දිවයිනම ආවරණය වන පරිදි වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබේ. දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සහ ඔවුන්ගේ පෝෂණය පිළිබඳ සමාජ දැනුවත්භාවය වැඩි කිරීම මෙහි මූලික අරමුණයි.​මෙම සති වැඩසටහන මගින් ගර්භනී සහ කිරි දෙන මව්වරුන්, දෙමාපියන්, පෙරපාසල් ගුරුභවතුන් මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සම්පාදකයින් ද දැනුවත් කිරීමට අපේක්ෂා කෙරේ. දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය වඩාත් ක්‍රමවත්ව ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් සහ සහාය මෙමගින් ලබා දෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,235

Leave A Reply

Your email address will not be published. Required fields are marked *