සමාජ මාධ්‍ය හරහා සංසරණය වන මෙට්‍රෝ බස් රථ පෞද්ගලික ගමන් සඳහා කුලියට ලබාගත හැකි බවට පළ වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම නිවේදනය කර ඇත.ප්‍රවාහන අංශය තවදුරටත් සඳහන් කරන්නේ මෙට්‍රෝ බස් රථ පුද්ගලික අවශ්‍යතා හෝ කුලී සේවා සඳහා වෙන්කරවා ගැනීමට මෙතෙක් කිසිදු පහසුකමක් හෝ අනුමැතියක් සපයා නොමැති බවයි.එබැවින්, මෙවැනි වැරදි තොරතුරු මඟින් නොමඟ නොයන ලෙසත්, සේවාවට අදාළ නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා ආයතනයේ නිල මාධ්‍ය පමණක් භාවිත කරන ලෙසත් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.



























