මෙරට ඉන්ධන මිල ක්ෂණිකව වැඩි නොවන බවට සහතිකයක්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගිය ද, මෙරට ඉන්ධන මිලෙහි ක්ෂණික වැඩිවීමක් සිදු නොකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මැදපෙරදිග යුද උණුසුම සහ රතු මුහුදේ පවතින ගැටලුකාරී වාතාවරණය හේතුවෙන් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 104 යි ශත 6 ක් සහ ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බැරලයක් ඩොලර් 100 ක් ලෙස සටහන්ව තිබේ. කෙසේ වෙතත්, රජය සමඟ සාකච්ඡා කර ඉදිරියේදී මිල සංශෝධනයක් සිදුකරන්නේ ද යන්න මස අවසානයේදී දැනුම් දෙන බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා ප්‍රකාශ කළේය.​මේ අතර, ඉන්ධන මිල ගණනය කිරීමේදී සිදුව ඇති අලාභයන් නිසා මෙරට ඉන්ධන බෙදාහරින පෞද්ගලික සමාගම් විසින් ඩීසල් බෙදාහැරීම සීමා කර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ විධායක අධ්‍යක්ෂ ඩී.වී. ශාන්ත සිල්වා සඳහන් කරයි. මේ හේතුවෙන් දිවයිනේ ඇතැම් පිරවුම්හල්වල ඩීසල් නොමැති බවට සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබෙන අයුරු දැකගත හැකි විය.​එසේ වුවද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් (සිපෙට්කෝ) පිරවුම්හල් තුළ ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග අඛණ්ඩව පවත්වාගෙන යන බව සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් තහවුරු කළේය.

What's your reaction?

Related Posts

1 of 1,328

Leave A Reply

Your email address will not be published. Required fields are marked *