ලබන වසරේ සිට මෙරට සියලුම පෙර පාසල් සඳහා එකම පොදු විෂය මාලාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි.ඒ අනුව ඉදිරි වසරේ සිට පෙර පාසල්වල විවිධ අයුරින් ක්‍රියාත්මක වූ විෂය මාලා වෙනුවට ප්‍රමිතිගත ක්‍රමවේදයක් අනුගමනය කෙරෙන අතර, රටේ මානව සම්පත නංවාලීම සඳහා අමාත්‍යාංශය පුළුල් ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇත.



























