ශිරන්ති රාජපක්ෂ මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මෙම නීතිමය පියවර ගෙන ඇත්තේ “සිරිලිය සවිය” ගිණුම සම්බන්ධයෙන් ක්රියාත්මක වන විමර්ශනයකට අදාළවය.තවදුරටත් එම විමර්ශනවලට අදාළව තාවකාලිකව හෝ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඇය අදාළ අධිකරණයෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.



























