මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය පරීක්ෂාවට ලක් කෙරේ

වාහන ලියාපදිංචි කිරීම්වල සිදුව ඇති බවට සැකකෙරෙන අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV) වෙත පැමිණ තිබේ. අධිකරණ නියෝගයකට අනුව මෙම ක්ෂණික පරීක්ෂාව සිදු කර ඇත.​මෙම මෙහෙයුමේදී දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති සියලු දත්ත භාගත කර ගැනීමට කටයුතු කර ඇති අතර, ඊට අදාළ පුළුල් තාක්ෂණික විමර්ශන ආරම්භ කර තිබේ.​මෙම විමර්ශන කටයුතු සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ මහාචාර්යවරුන්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නිලධාරීන් මෙන්ම ගව්ටෙක් හා ටෙලිකොම් ආයතනවල විශේෂඥ පිරිසක් ද සහාය දක්වති.

What's your reaction?

Related Posts

1 of 1,403

Leave A Reply

Your email address will not be published. Required fields are marked *