මෙවර යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය කිසිදු පොහොර වර්ගයක හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි. මේ වන විටත් අවශ්‍ය පොහොර තොග දිවයින පුරා පවතින අතර, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ඒවා බෙදාහැරීම ක්‍රමවත්ව සිදුවේ. රජයේ මැදිහත්වීම මත පෞද්ගලික අංශයේ පොහොර බෙදාහැරීම් ද යළි ආරම්භ කර ඇති බැවින්, ගොවීන්ට කිසිදු බාධාවකින් තොරව තම වගාවන්ට අවශ්‍ය පොහොර සපයා ගැනීමට දැන් අවස්ථාව උදා වී ඇත.ඇතැම් ප්‍රදේශවල වාර්තා වූ සුළු ප්‍රමාදයන් කඩිනමින් විසඳීමට පියවර ගෙන ඇති අතර, අසත්‍ය ප්‍රචාර පතුරුවමින් ගොවීන් නොමඟ යවන පිරිස් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එසේම ඉදිරි මාස් කන්නයට අවශ්‍ය පොහොර ආනයනය සඳහා ද කැබිනට් අනුමැතිය හිමිවී තිබීම විශේෂත්වයකි. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධව ඉදිරි වගා කන්නයන් සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් සම්පූර්ණ කරමින් සිටියි.නවීන කෘෂිකාර්මික ක්‍රමවේද හඳුන්වා දෙමින් පස පරීක්ෂා කර අවශ්‍ය ප්‍රමාණයට පමණක් පොහොර යෙදවීමේ විද්‍යාත්මක වැඩපිළිවෙළක් ද අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවා ඇත. නව පරම්පරාවේ පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම හරහා වගාවේ ඵලදායීතාව වැඩිකිරීමත්, ගොවියාගේ නිෂ්පාදන පිරිවැය අවම කිරීමත් රජයේ මූලික අරමුණයි. මෙමඟින් ඉදිරි කන්නයන්හිදී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් විශ්වාසය පළ කරයි.

























