යාපනය දිස්ත්‍රික්කයේ වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ පොලිස් සේවාවන් වඩාත් කාර්යක්ෂමව සැපයීමේ අරමුණින් ඉදිකරන ලද නව කෝක්කඩයි පොලිස් ස්ථානය හෙට (ජූනි 14) පෙරවරුවේ නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය. මෙම නවීන පොලිස් ස්ථානය විවෘත කිරීමත් සමඟ ප්‍රදේශයේ නීතිය හා සාමය පවත්වාගෙන යාමේ කටයුතු වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ අවස්ථාවට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගී වීමට සූදානමින් සිටිති.හෙට පෙදෙසේ වේලාවෙන් පෙරවරු 9.00 ට යෙදෙන සුබ මොහොතින් මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්වේ. නව පොලිස් ස්ථානය පිහිටුවා ඇත්තේ පැරණි කෝක්කඩයි පොලිස් ස්ථානයේ සිට නාසා මාර්ගය ඔස්සේ කිලෝමීටර් 2.3ක් පමණ දුරකින් වූ ස්ථානයකය.



























