ශ්‍රී ලංකා යුද හමුදාවේ 77 වන සංවත්සරය සනිටුහන් කරමින්, එම හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් 2,086 දෙනෙකු සඳහා හිමි හිමිකම් සහිත උසස්වීම් පිරිනැමීමට පියවර ගෙන තිබේ. මෙම උසස්වීම් සියල්ල අද (10) සිට බලපැවැත්වෙන බව යුද හමුදා මූලස්ථානය නිල වශයෙන් දැනුම් දෙයි.ඒ අනුව, බළලත් නිලධාරී II ශ්‍රේණියේ නිලධාරීන් 234 දෙනෙකු බළලත් නිලධාරී I ශ්‍රේණියටත්, මාණ්ඩලික සැරයන්වරුන් 215 දෙනෙකු බළලත් නිලධාරී II ශ්‍රේණියටත් උසස් කර ඇත. මීට අමතරව සැරයන්වරුන් 312 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල්වරුන් 398 දෙනෙකු සැරයන් නිලයටත් උසස්වීම් ලබා තිබේ.තවද, ලාන්ස් කෝප්‍රල් ශ්‍රේණියේ නිලධාරීන් 559 දෙනෙකු කෝප්‍රල් නිලයටත්, සාමාන්‍ය සෙබළුන් 368 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් මෙලෙස උසස් කර ඇති බව යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

























