ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බල හමුදාවට එක්වීමට අපේක්ෂා කරන උනන්දුවක් දක්වන පිරිස් සඳහා කැඩෙට් නිලධාරි පුරප්පාඩු සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා තිබේ. ඒ අනුව, කැඩෙට් නිලධාරි කෙටි කාලීන ඩිප්ලෝමා පාඨමාලාව සහ කාන්තා කැඩෙට් නිලධාරි ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට දැන් සිය අයදුම්පත් යොමු කළ හැකිය.මෙම බඳවා ගැනීම් සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු, අයදුම් කිරීමේ ක්‍රමවේද සහ අවශ්‍ය සුදුසුකම් පිළිබඳ සියලුම විස්තර ශ්‍රී ලංකා යුද හමුදාවේ නිල වෙබ් අඩවිය වන www.army.lk වෙත පිවිසීමෙන් ලබා ගත හැක. උනන්දුවක් දක්වන අපේක්ෂකයින්ට නියමිත වේලාවට අදාළ උපදෙස් පිළිපදිමින් සිය අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙනු ලැබේ.



























