පාසල් දරුවන්ගේ සෞඛ්‍ය නංවාලීමට නව ආපණ ශාලා මාර්ගෝපදේශයක්

පාසල් දරුවන් අතර ඉහළ යන තරබාරුකම සහ පෝෂණ ගැටලු පාලනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශ ඒකාබද්ධව නව ‘සෞඛ්‍යවත් පාසල් ආපණ ශාලා මාර්ගෝපදේශයක්’ හඳුන්වා දී තිබේ. 2024 වසරේ සිදුකළ සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 13ත් 17ත් අතර දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් අධිබරින් සහ ස්ථූලතාවයෙන් පෙළෙන බවත්, ඔවුන්ගේ දෛනික ආහාර රටාව තුළ අධික ලුණු, තෙල් සහ සීනි භාවිතය ඉහළ මට්ටමක පවතින බවත් හඳුනාගෙන ඇත.​අධ්‍යාපන ලේකම්වරයාගේ අනුමැතියෙන් නිකුත් කර ඇති මෙම නව චක්‍රලේඛය 2026 වසරේ සිට දිවයිනේ පාසල් 10,046ක සිටින සිසුන් ලක්ෂ 39ක් සඳහා බලපැවැත්වේ. මෙම වැඩසටහන යටතේ පාසල් තුළ අහිතකර ආහාර අලෙවිය තහනම් කිරීමටත්, ආපණ ශාලා A, B සහ C ලෙස ශ්‍රේණිගත කිරීමටත් පියවර ගැනේ. ප්‍රමිතීන්ට අනුකූල නොවන ආපණ ශාලා පවත්වාගෙන යන හිමියන් අසාදු ලේඛනගත කිරීමට සහ දරුවන්ට හිතකර නව ආහාර වට්ටෝරු හඳුන්වා දීමට ද මෙහිදී බලාපොරොත්තු වේ.​මෙම සෞඛ්‍යසම්පන්න ආහාර මාර්ගෝපදේශය ජාතික පෝෂණ මාසයට සමගාමීව, එළඹෙන ජූනි 22 වැනි දින කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් ජනගත කිරීමට නියමිතය. පාසල් දරුවන්ගේ අනාගත සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා රජය ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගය ඉතා වැදගත් පියවරක් ලෙස සැලකේ.

What's your reaction?

Related Posts

1 of 1,195

Leave A Reply

Your email address will not be published. Required fields are marked *