ජාත්‍යන්තරයේ උද්ගතව ඇති යුදමය උණුසුම් වාතාවරණය හමුවේ සතියේ ආරම්භයත් සමඟම ගෝලීය වෙළෙඳපොළ තුළ බොරතෙල් මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 3.8% කින් ඉහළ යෑමක් වාර්තා කරමින් අද (31) දිනය ආරම්භයේදී ඇමෙරිකානු ඩොලර් 91.40 ක මට්ටමක අලෙවි විය.මීට අමතරව, ඇමෙරිකානු ප්‍රමිතියෙන් යුත් WTI බොරතෙල් මිල ද මීට සමාන ප්‍රතිශතයකින් එනම් 3.8% කින් ඉහළ ගොස් ඇති අතර, එහි එක් බැරලයක මිල සටහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 86.58 ක් ලෙසිනි. ලෝක තෙල් වෙළෙඳපොළේ ඇති වූ මෙම හදිසි මිල ඉහළ යෑම ඉදිරි ආර්ථික තත්ත්වයන් කෙරෙහි ද දැඩි ලෙස බලපෑ හැකි බව වෙළෙඳ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

























