හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් යෝෂිත රාජපක්ෂ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව ලබන නොවැම්බර් මස 23 වැනි දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. දූෂණ චෝදනා මත ගොනු කර ඇති මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්රණය අවසන් වීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.නිසි සුදුසුකම් පූර්ණ ලෙස සපුරා නොමැති පසුබිමක, යෝෂිත රාජපක්ෂ මහතාව බ්රිතාන්යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්යාලය වෙත පුහුණුවක් සඳහා යොමු කිරීම හරහා ‘දූෂණය’ නමැති වරදය සිදු කර ඇතැයි අල්ලස් කොමිසම මෙම නඩුව හරහා චෝදනා නගා ඇත.



























