ප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ නමැත්තා රඳවා සිටින ස්ථානය වෙනස් කර බන්ධනාගාරගත කිරීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති සැකකරුවන් තිදෙනා අද (03) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.මෙසේ අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ හිටපු අධිකරණ අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු වන නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුෂහැන්නදිගේ යන අයයි.අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් මීට පෙර අත්අඩංගුවට ගත් මෙම පිරිස, පසුගිය නඩු වාරයේදී මහේස්ත්‍රාත් අධිකරණ නියෝග පරිදි අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියහ.



























