රජයෙන් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ජූලි 13 ඇරඹේ

​මෙවර කන්නයේ වී මෙට්‍රික් ටොන් 39,500ක් රජය විසින් මිලදී ගැනීමට තීරණය කර ඇති අතර, එම කටයුතු ලබන ජූලි 13 වැනිදා සිට ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සඳහා දිවයින පුරා පිහිටි ගබඩා 143ක් භාවිත කිරීමට නියමිත අතර, වයඹ, උතුරු, අනුරාධපුර, අම්පාර, පොළොන්නරුව සහ මොනරාගල ඇතුළු ප්‍රධාන දිස්ත්‍රික්ක රැසක් ඒ සඳහා ආවරණය වනු ඇත.​මෙම මිලදී ගැනීම් සඳහා නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140ක් වැනි සහතික මිලකට මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ. වී අලෙවි මණ්ඩලය හරහා සිදු කෙරෙන මෙම මිලදී ගැනීම්වලට අමතරව, කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිලදී ගැනීමට රුපියල් බිලියන 10ක ණය පහසුකම් ලබා දීමට ද රජය පියවර ගෙන ඇත.​රජය සහතික මිලට වී මිලදී ගැනීම තුළින් වෙළඳපොළ මිල මට්ටම ස්ථාවර කර ගැනීම සහ පෞද්ගලික අංශය ද ආසන්න මිලකට වී මිලදී ගැනීමට පෙළඹවීම රජයේ අපේක්ෂාවයි. දේශීය නිෂ්පාදනයෙන් රටේ සහල් අවශ්‍යතාවය සපුරාලීමට නොහැකි වුවහොත් පමණක් ආනයනය කෙරෙහි අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,225

Leave A Reply

Your email address will not be published. Required fields are marked *