රට පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස ඊයේ (22) දින සිදුකළ හදිසි පරීක්ෂාවන්හිදී පුද්ගලයින් 27,838 දෙනෙකු පරික්ෂාවට ලක්කර ඇති අතර, ඉන් පුද්ගලයින් 607 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.මෙම වැටලීම්වලදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් සැකකරුවන් 9 දෙනෙකු, සාමාන්‍ය වරෙන්තුකරුවන් 268 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 141 දෙනෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලීසිය සමත්වී ඇත.මීට අමතරව, බීමත් රියදුරන් 44 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 102 දෙනෙකු සමඟින් වෙනත් විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,709 දෙනෙකුට එරෙහිවත් නීතිමය පියවර ගෙන තිබේ.



























