රට පුරා විශේෂ පොලිස් වැටලීම්වලින් පුද්ගලයින් රැසක් දැලට

දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ පොලිස් මෙහෙයුම් මාලාවකදී පුද්ගලයින් 28,566 දෙනෙකු සෝදිසියට ලක් කර ඉන් සැකකරුවන් 686 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස අතර සෘජු අපරාධවලට සම්බන්ධ වැරදිකරුවන් 18 දෙනෙකු සිටින බව පොලිසිය පවසයි. මීට අමතරව, මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 60 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස වාහන ධාවනය කළ රියදුරන් 171 දෙනෙකු ද මෙහිදී පොලිස් භාරයට ගෙන ඇත.​මේ අතර, ‘රටම එකට’ ජාතික වැඩපිළිවෙළ යටතේ දියත් කළ තවත් සුවිශේෂී වැටලීම් මාලාවකදී පුද්ගලයින් 926 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ. ඉන් සැකකරුවන් සිව්දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,188

Leave A Reply

Your email address will not be published. Required fields are marked *