රණවිරු සුබසාධනය උදෙසා 2027දී විශාල ප්‍රතිපාදනයක්

2026 වසරට වඩා දෙගුණයකටත් වඩා වැඩි මුදලක් 2027 වර්ෂයේ රණවිරු සුබසාධන කටයුතු වෙනුවෙන් වෙන් කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත. ආරක්ෂක අමාත්‍යාංශය සහ රණවිරු සේවා අධිකාරිය සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ තිබේ.​’හඳහන’ ලොතරැයි අලෙවියෙන් රණවිරු සේවා අරමුදලට ලැබෙන ආදායම මත පදනම්ව මෙම සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක වේ. ඒ අනුව 2026 වසරේ වෙන්කළ රුපියල් මිලියන 198 වෙනුවට 2027 වසර සඳහා රුපියල් මිලියන 440ක මුදලක් වැය කරමින් නිකේතන, නිවාස හා විවිධ සුබසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.​නව වැඩසටහන් යටතේ නිවාස ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 90ක්, මානසික පුනරුත්ථාපනයට රුපියල් මිලියන 1.7ක් සහ ආබාධිත රණවිරුවන්ට ව්‍යායාම උපකරණ ලබාදීමට රුපියල් මිලියන 5ක් වෙන්කර ඇති අතර, දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන් 80ක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,404

Leave A Reply

Your email address will not be published. Required fields are marked *