රාජ්‍ය සේවකයින්ට සහ ගුරුවරුන්ට වැටුප් වැඩිවීමේ තෙවන අදියර ලබන ජනවාරියේ සිට

සියලුම රාජ්‍ය සේවකයින් සහ ගුරුවරුන් සඳහා වන වැටුප් වැඩිවීමේ තෙවන අදියර 2027 වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළාය. 2027 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඇය සඳහන් කළේ පසුගිය 2025 සහ 2026 වසරවලදී මෙහි පළමු සහ දෙවන අදියරයන් සාර්ථකව ක්‍රියාත්මක කළ බවයි. එමෙන්ම, වැටුප් සහ විශ්‍රාම වැටුප් විෂමතා පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ කොමිෂන් සභා වාර්තාව ලබන වසරේ ජූලි මාසයේදී ලැබීමට නියමිත අතර, ඒ හරහා පවතින ගැටලුවලට විසඳුම් ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.​මීට අමතරව, ජනාධිපති අරමුදලේ සේවාවන් විමධ්‍යගත කර මාර්ගගත ක්‍රමයට ගෙන ඒමත් සමඟ එහි ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2026 වසර වන විට 27,948ක් දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, අරමුදලේ මූල්‍ය ශක්තිය සියයට 150කින් වර්ධනය වී ඇති බවත් ඇය පෙන්වා දුන්නාය. විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය සියයට 100කින් ඉහළ නැංවීමටත්, ඔවුන්ට ඇස් කණ්ණාඩි 2,000කට ආසන්න ප්‍රමාණයක් ලබාදීමටත් පියවර ගෙන ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, පාසල් සිසුන්ගේ සුරක්ෂා රක්ෂණ ක්‍රමයද නව ප්‍රතිලාභ සමඟ අඛණ්ඩව ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් කියා සිටියාය.

What's your reaction?

Related Posts

1 of 1,433

Leave A Reply

Your email address will not be published. Required fields are marked *