රුපියල් බිලියන 27ක ලාභයක් අතරතුර ඩීසල් සඳහාත් සහනාධාරයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මේ වසර තුළ රුපියල් බිලියන 27ක ආසන්න ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇති බව එහි සාමාන්‍යාධිකාරී මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කරයි. විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම පෙන්වා දුන්නේ, සංස්ථාවට මීට වඩා ඉහළ මූල්‍ය ලාභයක් ලබා ගැනීමට ඉඩකඩ තිබුණද, පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් ඩීසල් ඇතුළු ඉන්ධන වර්ග සඳහා විශාල සහනාධාර ප්‍රමාණයක් ලබාදීමට පියවර ගත් බවයි.​කෙසේ වෙතත්, එම සහනාධාර ක්‍රමවේදය ක්‍රියාත්මක කරමින් ජනතාවට සහන සැලසීමෙන් අනතුරුවද සංස්ථාව ස්ථාවර මට්ටමක පවතින මෙම බිලියන 27ක ලාභය රඳවා ගැනීමට සමත් වී ඇති බව සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,317

Leave A Reply

Your email address will not be published. Required fields are marked *