රේගු බදු ඉහළ ගියත් වාහන ආනයනය දිගටම

රජය විසින් රේගු බදු අනුපාත ඉහළ දැමීමට පියවර ගත්ත ද, මෙරටට වාහන ගෙන්වීම අපේක්ෂිත මට්ටමින් සීමා වී නොමැති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා ප්‍රකාශ කරයි. අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, පවතින ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද වාහන සඳහා වන ඉල්ලුම අඩුවී නොමැති බැවින් බදු සංශෝධන හරහා බලාපොරොත්තු වූ ආනයන පාලන ඉලක්ක සපුරා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි.​මෙම අඛණ්ඩ වාහන ආනයනය හේතුවෙන් රටේ විදේශ විනිමය සංචිතවලට එල්ල වන බලපෑම සහ ආර්ථික පීඩනය තවදුරටත් දැඩි වෙමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී මතුවන අභියෝග කළමනාකරණය කරගැනීම සඳහා ආනයන අපනයන පාලන ක්‍රියාවලියේදී ගතයුතු ඉදිරි පියවර පිළිබඳව රේගු දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමුව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,176

Leave A Reply

Your email address will not be published. Required fields are marked *